එංගලන්තයේදී හා වේල්සයේදී මේ මස 30 වනදායින් ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට මේ වන විට සියල්ලන් සූදානම් වෙමින් පවති. මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම්හි නායකයන් අද (23) පළමු වරට මාධ්‍ය හමුවකට එක්වීමට නියමිත අතර , ඊට පෙර Srilankasports.com කළ විමසීකදී, ඒ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ, ස්කෝට්ලන්ත තරගාවලියෙන් පසු සිය කණ්ඩායම නැවතත් ජයග්‍රාගී මානසීකත්වයෙන් පසුවන බවයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ස්කෝට්ලන්තය සමගින් ක්‍රීඩා කිරීමට ලැබීම, මෙවර තරගාවලියට හොඳ පෙර සූදානමක් ලැබීමට හැකිවූ බවද දිමුත් එහිදී කියා සිටියේය. එහෙත් ස්කෝට්ලන්තය සමගින් පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීමද ශ්‍රී ලංකා කණඩායම මහත් පාඩුවක් වූ බව ද ඔහු එහිදි කියා සිටියේය.
ලෝක කුසලානයේදී කිසිදු කණ්ඩායමක් සුලුවට සිතිය නොහැකි බවත්, තරගයෙන් තරගය යම් සැලැස්මකට අනුව තරගාවලියේ ඉදිරියට යාමට කණ්ඩායමේ සියලු දෙනාගෙම එකමුතු කමක් පවතින බවත් ඔහු එහිදි කියා සිටියේය.
කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මහන්සියෙන් යුතුව මෙවර තරගාවලියට සිය පුහුණුවීම් කටයුතු කළ බවද, පවතින දේශගුණික තත්ත්වයට අනුවර්තනය වෙමින් ඉහලම දක්ෂතා අතරට කණ්ඩායම ගෙන තමන්ගේ මෙන්ම සෙසු ක්‍රීඩකයන්ගේ එකම ඉලක්කය බව අවසාන වශයෙන් දිමුත් කරුණාරත්න කියා සිටියේය.
දිමුත් කරුණාරත්න 2015 වසරින් පසුව, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන ලද්දේ, පසුගියදා නිමාවූ ස්කෝට්ලන්තයට එරෙහි තරගයේදිය. මෙය කාගේත් අවධානමට ලක් වූ කරුණක් වූ අතර, දෙවැනි එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූවානම්, 2015 වසරින් පසු කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා නොකරමින් කෙලින්ම ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කණ්ඩායමට එක්ව ලෝක කුසලානයක් මෙහෙයවනු ලැබූ ලොව පළමු ක්‍රීඩකයා වීමට ද දිමුත්ට හැකියාව ලැබිණ.
ලබන ජුනි මස 1 වැනිදා නවසීලන්තය එරෙහිව පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වීමට නියමිතය .
Be the first to comment