ආරෝන් ෆින්ච්ගේ හා ඩේවිඩ් වෝනර්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව බ්‍රිස්ටල්හි අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ලකුණු 208 ක ඉලක්කය හඹා යාමට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 34.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සනිටුහන් කළේය.
ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් වේව්ඩ් වෝනර් සහ ආරෝන් ෆින්ච් අරම්භ කඩුල්ල ස්‍රදහා ලකුණු 96 ක සබඳතාවයක් ගොඩ නගමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය ඉක්මන් කළේය. එහිදි වේගවත් ඉනිමක් ක්‍රීඩාකල නායක් ආරෝන් ෆින්ච් පන්දු 49 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් විය.
උස්මාන් කවාජාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක ස්ටිව් ස්මිත්, හිටපු උප නායක ඩේවිඩ් වෝනර් සමග එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම ලබා දුන්හ. තරගයේ අවසානය තෙක් කඩුල්ලේ රැදී සිටි ඩේවිඩ් වෝනර් පන්දු 114 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් ලබා ගත්තේය. ඒ අනුව ස්මිත් ලකුණු 18 කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාව වෙතට යොමු කරමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළේය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී රැස්කරන ලද්දේ ලකුණු 207 ක් පමණි. ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නජිබුල්ලාහ් සද්රාන් පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 40 කට කඩුලු 3 ක් සහ ඇඩම් සම්පා ලකුණු 60 කට කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම – පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 207
(රහමට් ෂා 43, ගුල්බදීන් නයිබ් 31, නජිම්ල්ලා සද්රාන් 51, රෂිඩ් ඛාන් 27, පැට් කමින්ස්40/3, ඇඩම් සම්පා 60/3 )
ඕස්ට්‍රේලියා කණ්ඩායම – පන්දුවාර 34.5 කදී කඩුලු 3 කට ලකුණු 209
( ආරෝන් ෆින්ච් 66, ඩේවිඩ් වෝනර් නොදැවී 89, ස්ටිව් ස්මිත් නොදැවී 18, )
Be the first to comment