පන්දු යවන්නෝ පකිස්තානයට ජය ගෙනෙති June 4, 2019 Webmaster CRICKET, INTERNATIONAL 0 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර නොටිංහැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 334 ක් පමනි. එංගලන්තය වෙනුවෙන් ජෝ රෑට් ( 107 ) හා ජොස් බට්ලර් ( 103 ) ශතක රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද, එයට වහාබ් රියාස් ප්රමුඛ පකිස්තාන පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. එහිදි රියාස් ලකුණු 82 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ශදාබ් ඛාන් සහ මොහොමඩ් අමීර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. ජෝ රෑට් තම එක්දින ක්‍රිකට් පිටියේ 14 වැනි ශතකය වාර්තා කරද්දි, ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි ජොස් බට්ලර් සිය එක්දින පිටියේ 8 වැනි ශතකය ලබා ගත්තේය. ජෝ රෑට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර පන්දු 76 කින් සිය ශතකය සම්පූර්ණ කළ ජොස් බට්ලර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 ක් සිය ඉනිම අලංකාර කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය. බාබර් අසාම් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෆීස්, ඉන් නොනැවතී නායක සර්ෆරාස් අහමඞ් (55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූවේය. පන්දු යැවීමේදී මොයීන් අලී ලකුණු 50 කට කඩුලු 3 ක් සදහ ක්‍රිස් වෝක්ස් ලකුණු 71 කට කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
Be the first to comment