ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතරහැර දැමීමට තරග තීරකවරුන් අද ( 07 ) තීරණය කළේය. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් පිරි නැමීම හේතුවෙන් නවතම වර්ගීකරණයට අනුව ප්‍රසාද ලකුණු 3 ක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. පකිස්තානය ද ප්‍රසාද ලකුණු 3 ක් සමගින් සිව්වන ස්ථානයේ රැදී සිටියි.
ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථායන්හි රැදී සිටියි.
තරග 11 ක් අවසානයේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණ ගෙන ඇත්තේ ලකුණු 158 ක් ලබා සිටින එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට්ය. කඩුලු 7 ක් දවා සිටින නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රි වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි.
Be the first to comment