තියුණු සටනකින් පසු ඕස්ට්‍රේලියාව දෙවැනි තරගයත් ජය ගනියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොටිංග්හැම් ක්‍රීඩාංගණයේ ඊයේ ( 06 ) පැවැති තරගයෙන් ලකුණු 15 ක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා  ලකුණු 289 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ  කඩුලු 9 ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 273 ක් පමණි. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෂායි හෝප් පන්දු 106 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 46 කට කඩුලු 5 ක් සහ පැට් කමින්ස් ලකුණු 41 කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49දී  සියලු දෙනා දැවී රැස් කරන ලද්දේ ලකුණු 288 ක් පමණි.

ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් සියල්ලෝම අසාර්ථ විම හේතුවෙන් 7 වන කඩුල්ල සඳහා එක් වූ හිටපු නායක ස්ටිව් ස්මිත් සහ නේතන් කෝල්ටර් නිල් ලකුණු 102 ක සබඳතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළහ.

වේගවත් ඉනිමක් ක්‍රිඩාකළ නේතන් කෝල්ටර් නිල් පන්දු 60 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 92 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ස්ටිව් ස්මිත් පන්දු 103 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී කාලෝස් බ්‍රැත්වේට් ලකුණු 67 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර ඔෂේන් තෝමස්, ෂෙල්ඩන් කොට්‍රිල් සහ ඇන්ඩ්‍රි රසල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.