ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය වැස්සට සේදෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද ( 11 ) පැවත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරගය අත්හැර දැමීමට තරග තීරකවරුන්ට සිදුවිය.  

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් ප්‍රදානය කළ අතර නවතම වර්ගීකරනයට අනුව ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ශ්‍රී ලංකාව එම සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටියි. බංග්ලාදේශයට අද හිමිවූ  ප්‍රසාල ලකුණත් සමගින් එම සටහනේ හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයම නවසීලන්තය හමුවේ කඩුලු 10 කින් පරාජය වීමට සිදු වූවත්, දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 34 කින් ජය ගත්තේය. ඒ අනුව පකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම් සමගින් පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකටම වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණකින් පමණක් සීමා වීමට සිදුවිය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ ඔහුගේ බිරිඳගේ මවගේ හදිසි වියෝව හේතුවෙනි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ මස 15 වැනිදා පැවැත්වෙන අතර එම තරගය සඳහා නැවතත් මාලිංග එංගලන්තය වෙත පැමිණිමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.