මෙවර ලෝක කුසලාන තරගාවලියට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග මෙතෙක් පැවැත්වූ තරග 18 න් 4 ක්ම අතහැර දැමීමට තරග තීරකවරුන්ට සිදුවිය. කෙසේ වෙතත් ඊයේ ( 12) ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 41 ක ජයක් හිමි වූ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට පිත්තෙන් දස්කම් දැක්වූ ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
තරගයේ වීරයා සම්මානය ලැබීමත් සමග එය ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිරිගැන්වීමට පැමිණි කුඩා දරුවෙකුට තමන් ලැබූ සිහිවටනය පිරි නැමීමට තරම් වෝනර් නිහතමානි වන්නේ ලෝකයේ කාගේත් අවධානය ඔහු වෙත යොමු කරමිනි.
වසරක පමණ කාලයක් තරග තහනමකට ලක්ව සිට නැවතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්වීමෙන් පසු රැස්කළ පළමු ශතකයද වන්නේ ඊයේ පකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 107 යි. මෙය ඔහුට වඩාත් වැදගත් වන්නේ අවසන් මොහොතේදී හෝ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිඩා කිරීමට එරට ක්‍රිකට් පාලන අධිකාරියෙන් ඔහුට අවස්ථාවක් හිමි වීම නිසාය.
වෝනර් සිය සම්මානය කුඩා දරුවාට පිරි නැමීමෙන් පසු එහි සමරු සටහනක් ද යෙදිමට අමතක නොකලේය.
මෙවන්ම සිදු වීමක් 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී සිදුවිය. එනම්, තරගාවලියක් පුරාවට තම මහන්සියෙන් ලබාගත් රන් පදක්කම කුඩා දරුවෙකුට දන් දීමට තරම් නවසීලන්ත ක්‍රීඩක සොනී බ්ල් විලියම්සන් දෙවරක් නොසිතන්නේය.
Be the first to comment