ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 334 ක් රැස් කිරීමට සමත් විය.
නායකත්ව ඉනිමක් ක්‍රීඩාකල ඇරෝන් ෆින්ච් පන්දු 132කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 15ක් සමගින් ලකුණු 153ක් රැස් කිරීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු ඉනිමට ශක්තිමත් ආරම්භයක්ද ලබා දෙමිනි.
සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ස්ටිව් ස්මිත් පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු 25 කදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලේන් මැක්ස්වෙල් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 330 ක් දක්වා ඉහළට ඔසවා තැබුවේය.
පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා හා ඉසුරු උදාන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
Be the first to comment