ඉන්දියාව අපරාජිතව සිව්වන ජයත් වාර්තා කරයි !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර  පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට හැකි විය.

ජයග්‍රහණය සදහා ලකුණු 234 ක ඉලක්කය හඹා යමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 213 ක් පමණි. ඒ අනුව මෙවර තරගාවලියේ එකදු තරගයක්වත් ජය ගැනීමට අපොහොසත් වූ  ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග 6ම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ මොහොමඩ් නබී පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් රැස් කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද මොහොමඩ් ශමී ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එයට අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශමී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව ලෝක කුසලාන තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා වූ 10 වැනි අවස්ථාව බවට එය පත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජස්ප්‍රිට් බෘම්රා ලකුණු 39කට කඩුලු 2 ක් බිද හෙලමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර තහැකි වූයේ ලකුණු 224ක් පමණි.ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක විරාට් කෝලි පන්දු 63 කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 67 ක් ලබා ගැනීමට සමත් විය. සයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කේදාර් ජදේව් ලකුණු 52 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් හා මොහොමඩ් නබී අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

(Photo by Alex Davidson/Getty Images)
(Photo by Alex Davidson/Getty Images)
 (Photo by Stu Forster-IDI/IDI via Getty Images)
 (Photo by Andy Kearns/Getty Images)
 (Photo by Alex Davidson/Getty Images)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.