ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි පරාජයත් වැළදගත් දකුණු අප්‍රිකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියට සමු දීමට අද සිදුවිය. ඒ, පකිස්තානය හමුවේ ලකුණු 49කින් පරාජය වීමත් සමගයි. දක්ෂ ක්‍රීඩකයන් රැසකගින් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙතෙක් සහභාගී වූ තරග 7න් ජයගතහැකි වූයේ එක් තරගයක් පමණි. එයද එක්දින ශ්‍රේණිගත කිරීම්හි පහළ අඩියේ පසුවන ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිවයි. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට පසුව ලෝක කුසලාන තරගාවලියට සමුදුන් දෙවැනි කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්විය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් ස්ථාන 10 තුළ වැජඹුණු ක්වින්ටන් ඩි කොක් සහ ෆෆ් ඩු ප්ලෙසිස් පිතිකරණයේ ආධිපත්‍යක් රදා සිටි පිතිකරුවක් මෙන්ම කගීසෝ රබාඩා ඉම්රාන් තහීර් යනු එලෙසම පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණේ පසුවෙමින් මෙවර තරගාවලියට යම් වෙනසක් ඇති කරනු ඇති බව විචාරයක් පෙන්වා දුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. එහෙත් දක්ෂතාවය අභිබවා යමින් අවාසනාව පෙරමුණ ගැනීමත් සමග දකුණු අප්‍රිකාවට මෙවරද සිය හිස් අතින්ම ගෙදර යාමට අවශ්‍ය තැන නිර්මාණය විය.
1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් එංගලන්තය හමුවේ පරාජයට පත්වීමත්, 1996 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අර්ධ අවසන් පූර්ව වටයෙන් දකුණු අප්‍රිකාවට එළියට විසි වීමත් සමග නැවතත් වසර 3 ක කාලයක් ලෝක කුසලාන තරගාවලියක පහස විදීමේ අරමුණින් බලා සීටීමට ඔවුන්ට සිදුවිය. 1999 වසරේද අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ දකුණු අප්‍රිකාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට පිවිසීම හීනයක් ම බවට පත්විය. සියලු අමිහිරි පරාජයන් පසෙකලා දකුණු අප්‍රිකාව 2003 වසරේ දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් යුතුව ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වුවද එහිදී ඔවුන්ට සිදුවූයේ පළමු වටයෙන්ම තරගාවලියට සමුදීමටය. 2007 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට හැකි වුවද ඔස්ට්‍රේලියාව හමුවේ එවරද අවසන් පිම්ම පැන ගැනීමට දකුණු අප්‍රිකාවට වාසනාවක් හිමි නොවීය. 2011 වසරේද අර්ධ අවසන් පූර්ව වටයෙන් තරගාවලියට සමුදුන් දකුණු අප්‍රිකානුවෝ 2015 වසරේ යළිත් නවසීලන්තය හමුවේ අවසන් පූර්ව වටයෙන් පරාජය වීම නිසා හිස් අතින්ම නිවෙස් බලා යෑමට සිදුවිය. එහෙත් මෙවර තරගාවලියට සහබාගී වීමට පෙර විචාරකයන් පෙන්වා දුන්නේ මෙවර තරගාවලියේ දක්ෂතා අතර සිටින මෙන්ම මෙවර ලෝක කුසලානය ජය ගැනීමට වැඩි සම්භාවිතාවයක් ඇති රටවල් අතරින් දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන බවයි. එහෙත් මෙවරද දක්ෂතාවය පරයමින් අවාසනාව පෙරදැඩි කරගත් දකුණු අප්‍රිකාවට පළමු වටයෙන්ම තරගාවලියට සමු දීමට සිදුව තිබේ.
විචාරකයන්ගේ සියලු තර්ක මේ වනවිට බිදී ගොස් තිබේ. බලාපොරොත්තු තැබූ රටවල් වේලාසනින්ම තරගාවලියට සමු දෙද්දි, කණකට නොගත් සමහර රටවල් තවමත් තරගාවලියේ ඉතිරිව තිබේ. ක්‍රිකට් යනු හරි අපූර්ව ක්‍රීඩාවක් බවට ඔප්පු වීමට තවත් මොන සාධකද?
එහෙනම්, අවාසනාවන්ත දකුණු අප්රිකානුවනි සුබ ගමන් !
Be the first to comment