විශ්ලේෂණ සටහන දිනේෂ් උපේන්ද්‍ර (CITY FM ගුවන්විදුලිය )
මේ සදහා මෙහි දක්වා ඇති වගුව වෙත අවදානය දෙන්න. එහි සටහන්ව ඇත්තේ දැනට ඇති ප්‍රසාද ලකුණු සහ ඉතිරිව ඇති තරග පිලිබදව විස්තරය…
තරග 5කදී ලකුණු 9කට හිමිකම් කියන ඉන්දීය කණ්ඩායමට තව තරග 4ක් ඉතුරුව පවතී. ඒ නිසා මම ඉන්දීය කණ්ඩායමද අවසන් පූර්ව වටයේ සුදුසුකම්ලාභී කණ්ඩායමක් ලෙස සලකමි. ඒ ඔවුන්ට ඒ සදහා වැඩි ඉඩක් පවතින බැවිනි. සහ එයද පටලවා ගතහොත් කාරණය තව බැරෑරුම් වන බැවිනි. ඉතිරි තරග 4න් දෙකක් ජය ලැබූවද ඔවුන් ස්ථානය වෙන් කරගනී. ඒ නිසා ඉන්දියාවත් ඉදිරියට යවමු..
හොදයි.. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව අවසන් පූර්ව බසයට ගොඩවී අවසන්. තව ඉතිරිව ඇති එකම එක අසුන සදහා නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය පා පුවරුව අභියස දැන් සටනකය..
ලකුණු 11ක් ලබා සිටින නවසීලන්තයට එම අවදානම එන්නේ ඔවුන් ඉතිරි තරග 3න 3නම පරාජය වුවහොත් පමණි. එසේ නැතහොත් ඔවුන්ට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවේ ගොඩට එක්විය හැක. ඔවුන් ට පාකිස්ථානය (අද ) , ඔස්ට්‍රලියාව සහ එංගලන්තය සමඟ තරග කිරීමට ඉතිරිව ඇත.
ඒ අනූව දැනට ලකුණු 8ක් සහිත එංගලන්තයට තව තරග දෙකක් ඉතිරි වී ඇත. ඒ ඉන්දීය, නවසීලන්ත තරග දෙකය. ඔවුන් ඒ තරග දෙකම ජයගතහොත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය බලාපොරොත්තු අත්හැර ගත යුතුය. එවිට ඔවුන්ට ලකුණු 12කි. බංගා සහ පාකිස්තානුවන් ඉතිරි සියලුම තරග ජයගත්තද ඔවුන්ට උපරිමය 11ක් පමණි.
ඇයි එතකොට ශ්‍රී ලංකාව ඉතිරි තරග 3ම දින්නොත්? ඔව් ඔබේ ප්‍රශ්ණයටද පිලිතුරක් ඇත. ඉතිරි තරග 3ම ජයගතහොත් ශ්‍රීලංකා පිලට ලකුණු 12කි. එංගලන්තය හා සමය. එවිට nett run rate එක? අපි එතැනදීත් පසුපසිනි.. එහෙත් අපි nett run rate වලින් ඉදිරියෙන් සිටියද පලක් නැත.. points සමාන වූ විට මුලින්ම ගනන් බලන්නේ match winning points වලිනි. ශ්‍රී ලංකාව ජයගත් තරග සංඛ්‍යාව 5කි. නමුත් එංගලන්තය ජයගත් ගනන 6කි. මේ match winning points “සම වුන හොත් පමණක්” ඉන්පසු net run rate බලනු ලබයි. ශ්‍රී ලංකාව තරග තුනම ජයගත්තත් ඉදිරියට යන්නේ එංගලන්තය එක තරගයක් හෝ පරාජය වූවොත් පමනි. ඔවුන්ටද පහසු නැත. ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාව සහ නවසීලන්තය නිසාය…
තරග දෙකක් පමණක් ජය ලබා ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකිද?
පුලුවන්. බංගා සහ පාකිස්තානය එක බැගින් පරාජය විය යුතුය..එවිට ඔවුන් ලකුණු 9 තුල නතරවනු ඇත. එංගලන්තය තරග දෙකම පරාජය විය යුතුය. ඔවුන් 8ම ගිමන් හරින විට අප 10 කණුවට ලගා විය හැක. එංගලන්තය එක් තරගයක් ජයගත හොත් ඔවුන්ට ලකුණු දහයකි. ජයගත් තරග පහකි. අප තරග දෙකක් ජයගතහොත් ලකුණු 10කි. නමුත් ජයගත් තරග 4කි. ඒ නිසා තරග දෙකක් දිනා සෙමි යාමටනම් එංගලන්තය තරග 2ම සහ බංගා සහ පාකිස්තානය එක බැගිනුත් පරාජය විය යුතුය.
එක් තරගයක් ජය ලබා ශ්‍රීලංකා කණ්ඩායමට ඉදිරියට යා හැකිද..?
Be the first to comment