ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග දෙක ආක්රමණශීලී මානසිකත්වයකින් යුතුව ඉහළ මට්ටමකින්” අවසන් කරනවා දැකීමට තමන් කැමති බව හිටපු ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.
ශ්රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟින් ජූලි 1 වනදාත් ඉන්දියාව සමඟ ජූලි 6 වනදාත් ක්රීඩා කරන අතර ජයවර්ධන කණ්ඩායමට කියා සිටියේ ඔවුන්ගේ හැකියාවන් විශ්වාස කරන ලෙසත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළ ලෝක කුසලාන තරගාවලිය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් ආරම්භ නොකරන ලෙසත්ය.
“ඒවා ලිවීමට හා තරගාවලියෙන් ඔබ්බට බැලීමට ඉක්මන් වැඩියි, එය අවසන් වූ වහාම එය කිරීමට බොහෝ කාලයක් තිබේ,” ජයවර්ධන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ තීරු ලිපියක් ලියමින් පවසා තිබේ.
” ඔවුන් තවමත් ධනාත්මකව සිතිය යුතුය – අවසාන දෙක ජය ගන්න, තවමත් අවස්ථාවක් තියෙනවා. දැන් නිවැරදි ආකල්පයකින් ක්රීඩා කරන්න, තරගාවලිය අවසන් වූ පසු තමන් වෙතින් වූ අඩුපාඩු සෙවීම කරන්න.” යනුවෙන් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායමට අවවාදයක් ද සිය ලිපියෙන් එක කර තිබීම විශේෂයි.
Be the first to comment