ඉන්දියාවත් අවසන් පූර්ව වටයේ අසුන් ගනියි !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 28 ක තියුණු ජයක් ලැබූ ඉන්දිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද ( 02 ) සමත් විය. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගත් දෙවැනි කණ්ඩායම බවට ඉන්දියාව පත්විය.  ඒ අනුව බංග්ලාදේශයට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවද ගිලිහී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 315 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට  පන්දුවාර 48 කදී සියලු දෙනා  දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 286 ක් පමණි.

7වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූ සබීර් රහ්මාන් හා මොහොමඩ් සයිෆුද්දීන් බංග්ලාදේශයට බලාපොරොත්තුවක් ලබා දුන්නද බුම්රාගේ පන්දුවක් හමුවේ සබීර් රහ්මාන් දැවී යාමත් සමග නැවතත් තරගයේ වැඩි වාසිය ඉන්දීය කණ්ඩායම වෙත නතු විය.

තරගාවලිය පුරාවටම පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දක්ෂතා අතර රැදි සිටින ශකීබ් අල් හසන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 74කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 66ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 60 කට කඩුලු 3ක් සහ ජස්ෆ්‍රිට් බෘම්රා ලකුණු 55කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඉනිම ඇරඹීමට පිටියට පිවිසි රොහිත් ශර්මා සහ කේ එල් රාහුල් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 180ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන ශතකය වාර්තා කළ රොහිත් ශර්මා පන්දු 92කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය.

ඔහුට අනගි සහයක් ලබාදුන් කේ එල් රාහුල් හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්  ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මස්ටෆිසුර් රහ්මාන් ලකුණු 59කට කඩුලු 5ක් බිද හෙලීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.