තීරණාත්මක තරගයේදී නවසීලන්තයට ලකුණු 306 ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (03) පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුව පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවාසනයේ කඩුලු 8 ක් දැවී ලකුණු 305ක් රැස් කිරීමට සමත් විය.

එංගලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජොනි බෙයාර්ස්ටොව් සහ ජේසන් රෝයි පළමු කඩුල්ල සඳහා ලකුණු 123 ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකයත් වාර්තා කළ ජොනී බෙයාර්ස්ටොව් පන්දු 99කදී ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය. එයට හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජේසන් රෝයි පන්දු 61කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි සහ ජේමී නීෂම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම නිසකයෙන්ම අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගන්නා අතර එංගලන්තය මෙම තරගය පරාජය වුවහොත් පකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ තීරණය එනතුරු බලා සිටීමට ඔවුන්ට සිදුවනු ඇත. නවසීලන්තය මෙම තරගය පරාජය වුවහොත් ඔවුන්ටද පකිස්තාන් බංග්ලාදේශ අතර තරගයේ තීරණය එනතුරැ බලා සිටීමට සිදුවනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.