ඉන්දු – නවසීලන්ත පළමු අවසන් පූර්ව තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (09) මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ලබන 11 වැනිදා බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තයේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) යළි දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර දැක්වූ දක්ෂතා වලට සාපේක්ෂව ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා පිළිබඳ සතුටු විය හැකි බව ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දක්ෂතා නොදැක්වීම නිසා ශ්‍රි ලංකා කණ්ඩායම අසාර්ථක වූ බවයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන විට ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල 9 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමා කළේ සහභාගි වූ කණ්ඩායම් 10 අතරින් 6 වන ස්ථානයට පත්වෙමින්.

එහිදී තරග 9කට සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායම තරග 3ක් ජයගෙන තරග 4ක් පරාජයට පත්වු අතර ඉතිරි තරග දෙක වර්ෂාව හේතුවෙන් අතහැරදැමුණා.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.