සාම්ප්‍රදාය අමතක නොකළ ලෝක දැල් පන්දු තරගාවලිය

2019 තරගාවලි අවස්ථාවේ සාම්ප්‍රදායික ඉටිපන්දම් ආලෝකකරණ උත්සවයට එක්වූ කණ්ඩායම් නායිකාවන් .

1963 පළමු ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය දක්වා දිවෙන සම්ප්‍රදායක් තවදුරටත් රැකගෙන ඉදිරියට ගෙන යාමට මෙවර තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ඇත.

ඒ තරගාවලියට සහභාගී වන රටවල නායිකාවන් ගේ එකතුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික ඉටිපන්දම් ආලෝකකරණ උත්සවය යි.

මෙම උත්සවය 1963 ලෝක කුසලාන තරගාවලියේදී පළමු වරට පැවැති ඉටිපන්දම් දැල්වූ ක්‍රීඩා නායිකාවන් සාධාරණ ව ක්‍රීඩාවේ යෙදීමට සහ උද්යෝගයෙන් ක්‍රීඩා කිරීමට පොරොන්දුවක් ලබා දුන්හ.

1963 තරගාවලි ආරම්භක අවස්ථාවේ සාම්ප්‍රදායික ඉටිපන්දම් ආලෝකකරණ උත්සවයට එක්වූ කණ්ඩායම් නායිකාවන් .

කාලය ගෙවී යත්ම, ඉටිපන්දම් දැල්වීමේ උත්සවය ජාත්‍යන්තර නෙට්බෝල් ක්‍රීඩාවේ ලෝක ව්‍යාප්ත බලපෑම සැමරීම සඳහා සංකේතයක් බවට පත්ව ඇත. එය දැඩි තරඟකාරිත්වයක් මධ්‍යයේ වර්තමානයේ ක්රිද්ද කරන දැල්පන්දු ක්‍රීඩාවේ සුහදත්වය නියෝජනය කරන සංඛේතයක් මෙම උත්සවය පත්ව ඇත.

මෙවර 2019 ලෝක කුසලානයේ කණ්ඩායම් නායිකාවන් ජුලි 10 රාත්‍රියේ ලිවර්පූල් හි ශාන්ත ජෝර්ජ් ශාලාවේදී මෙම සාම්ප්‍රද්දය තවදුරටත් රැකගැනීමට දායක වුහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.