ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 26 වැනි ටී.වී සුමනසේකර අභියෝගතා කුසලාන රග්බි මහ සටන මේ මස 15 වැනිදා ගාල්ල කොග්ගල ක්‍රීඩාංගණයේදී ප.ව 3.00 ට පැවැත්වීමට නියමිතයි.
හිරුවින්ද ගුරුගමගේ නායකත්වයෙන් යුතුව ශාන්ත ඇලෝසියස් විද්‍යාලය මෙවර සටනට පිවිසෙද්දි, රිච්මන්ඩ් විද්‍යාලයට නායකත්වය දෙනු ලබන්නේ උදාර සචින්ත විසිනි. රිච්මන්ඩ් විද්‍යාල රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස. කේ. සමරහේවා මහතා කටයුතු කරන අතර ඇලෝසියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ දිලංග සංදීප මහතාය.
මෙවර 26 වැනි වතාවටත් සංවිධානය කරන මෙම දකුණු ලක මහා රග්බි සංග්‍රාමයේ දී ඇලෝසියස්වරුන් සහ රිච්මන්ඩ්වරුන් සුපුරුදු ලෙස “ ටී. වී. සුමනසේකර කුසලානය” වෙනුවෙන් සටන් කරනු ඇත. ටී. වී. සුමනසේකර යනු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වූ කීර්තිමත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි. 1992 වසරේ පැවැත්වුණු ප්‍රථම රග්බි තරගයේ පටන් තරගයේ කුසලානය ඔහු නමින් නම් කෙරුණේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.
පසුගිය වසරේ පැවැති 25 වැනි රග්බි මහ සටන ලකුණු 20-00ක් ලෙස රිච්මන්ඩ් ක්‍රීඩකයින් පරාජය කරමින් ප්‍රබල ජයක් ලැබීමට ශාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි ඉතිහාසයේ මෙතෙක් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ඇලෝසියස් විද්‍යාලයයි. ඒ අනුව ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අවස්ථා 13කදී සිය ජයග්රහණයන් තමන් සතු කර ගනිද්දී, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ජය ගැනීමට හැකිව ඇත්තේ අවස්ථා 9 දී පමණි.
Be the first to comment