එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු විදින්නිය වන තර්ජිනී සිවලිංගම් නව තරග වාර්තාවක් පිහිටු වීමට සමත් වූවාය.
ඒ, සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදි ගෝල 76ක් වාර්තා කිරීමත් සමගය. එය මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් තුළ ක්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙස සටහන් විය.
ඇය එම ගෝල 76 වාර්තා කිරීම සඳහා අවස්ථා 78කදී පමණක් උත්සහ දරා තිබීම ද විශේෂත්වයක් වන අතර ඇයගේ ගෝල සාර්ථක කර ගැනීමේ ප්‍රතිශතය සියයට 97ක් බවට සටහන් වී තිබිණ.
මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩිකාවන් අතර තර්ජනී ශිවලිංගම් පෙරමුණේ පසුවෙන අතර එහිදී ඇය තරග 04ක් තුළදී ගෝල 183ක් වාර්තා කිරීමට සමත් වූවාය. එම ලේඛනයේ දෙවන ස්ථානයේ රැඳි සිටින ක්‍රීඩිකාව මෙතෙක් රැස්කර ඇත්තේ ගෝල 125ක් පමණයි.
Be the first to comment