එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම එරෙහි පැවැති තරගයෙන් ගෝල 65-55 කින් ජය ගැනීමට සැමෝවා කණ්ඩායම අද ( 16) සමත් විය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු කාර්තුව ගෝල 17- 13 කින් ජය ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුවද දෙවැනි කාර්තුවේ සිට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් සැමෝවා ක්රීඩිකාවන් දෙවැනි තරග වටය ගෝල 19-10 කින් ජය ගනිමින් නැවතත් තරගය තීරණාත්මක සන්දිස්ථානයක් වෙත රැගෙන ගියේය.
තෙවැනි කාර්තුව ආරම්භයේදී යළිත් පෙරමුණ ගත් සැමෝවා ක්රිඩිකාවන් මුල් විනාඩ් 10 කාලය තුළ තරගයේ වැඩි වාසිය ඔවුන් වෙත හරවා ගනිමින් එම තරග වටයද ගෝල 17-13 කින් ජය ගත්තේය.
සිව්වන කාර්තුව ආරම්භයේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් තියුණු තරග රටාවක් පෙන්නුම් කලද එය අවසානය තෙක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා එම තරග වටයේද ජය හිමිවූයේ සැමෝවා කණ්ඩායමටයි. අවසන් කාර්තුව ගෝල 16-15 කින් ජයගත් සැමෝවා ක්රිඩිකාවන් ගෝල 10 ක ජයක් වාර්තා කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ දෙවැනි ජයද ලබා ගනිමිනි.
ශ්රී ලංකා කණ්ඩායම හෙට (17) දිනයේදී යළිත් ෆිජී රාජ්යට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.
Be the first to comment