කොළඹ හා මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද ( 16) පැවැති තරගයන්හිදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ කණ්ඩායමත් , ගාල්ල කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායමත් සිය ජය්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  

කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩාම අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 283ක් රැස් කිරිමට  සමත් විය.

කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අශාන් වික්‍රමසිංහ පන්දු 73කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 78 ක්  රැස් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම පන්දුවාර 36.3 ක් අවසානයේ ලකුණු 136 කට සීමා කිරීමට කොළඹ කණ්ඩයමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්‍රවීන් නිමේෂ් ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් කොළඹ කණ්ඩාම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයෙන් ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 33ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 252 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කවිඳු වික්‍රමසිංහ පන්දු 98 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 97 ක් රැස්කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. සුභානු රාජපක්ෂ, කවිඳු වික්‍රමසිංහ, රුවින් පිරීස් සහ රොහාන් සංජය කඩුලු 2 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 60 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස් කිරීමට සමත් විය.

කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

 කොළඹ කණ්ඩායම – නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී 283
(අශාන් වික්‍රමසිංහ 78, ජොහාන් ද සිල්වා 49, මොහොමඞ් ශමාස් 40, තෂික නිර්මාල් 28, චමිඳු විජේසිංහ 28, වයි.ඒ.ඩී. සඳරුවන් 27, යසිරු රොද්‍රිගූ 39/2, සුධීර තිලකරත්න 47/2, අෂේන් ඩැනියෙල් 56/2)

දඹුල්ල කණ්ඩායම – පන්දුවාර  36.3 කදී සියලු දෙනා දැවී 136  
(රවිඳු රෂාන්ත 34, සුධීර තිලකරත්න 27, දුනිත් ජයකොඩි 21, ලක්ෂාන් ගමගේ 18, නවීන් ප්‍රනාන්දු 18, ප්‍රවීන් නිමේෂ් 20/4, දිල්මින් රත්නායක 22/2)

මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

 මහනුවර කණ්ඩායම – පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී 252
(කවිඳු වික්‍රමසිංහ 97, අවිෂ්ක තරිඳු 74, රොහාන් සංජය 22, කවිඳු නදීෂාන් 15, සඳුන් මෙන්ඩිස් 57/4, අම්ෂි ද සිල්වා 32/3, ජිතේෂ් වාසල 17/2)

ගාල්ල කණ්ඩායම – පන්දුවාර  44.5 කදී සියලු දෙනා දැවී 219
(දුනිත් වෙල්ලාලගේ 44, අම්ෂි ද සිල්වා 38, චේතක දෙනුවන් 33, රවීන් ද සිල්වා නොදැවී 27, පවන් රත්නායක 21, සඳුන් මෙන්ඩිස් 20, සුභානු රාජපක්ෂ 30/2, කවිඳු වික්‍රමසිංහ 34/2, රුවින් පිරීස් 39/2, රොහාන් සංජය 49/2)

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.