ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට අදාල ක්‍රීඩකයන් 14 කින් යුත් බංග්ලාදේශ සංචිතය අද ( 16) නිල වශවෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් මෂ්රෆී මොර්ටාසට ලබා දීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 606 ක් සහ කඩුලු 11ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සකීබ් අල් හසන් මෙම තරගාවලියේදී විවේකයක් ලබා දී ඇත. ඔහුට අමතරව විවාහ මංගල්‍ය උත්සවය සඳහා නිවාඩු ඉල්ලා සිටි ලිටන් දාස්ටද විවේකයක් ලබා දීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට අතර පැවැත්වෙන එක්දින තරග 3ම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි. මේ මස 26 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙලින් ජූලි 28 සහ 31 පැවැත්වේ.
බංග්ලාදේශ සංචිතය
මෂ්රෆී මොටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මුෂ්ෆිකුර් රහීම්, මහමදුල්ලා රියාද්, මොහොමඞ් මිතුන්, මොසද්දික් හොසේන්, සබීර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, මුස්තෆිසුර් රෙහෙමාන්, එනමුල් හක්, මෙහෙදි හසන්, මොහොමඞ් ශයිෆුඩීන් සහ තයිජුල් ඉස්ලාම්
Be the first to comment