ෆීජි රාජ්‍යට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමේ

එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෆීජි රාජ්‍ය අතර පැවැත්වෙන තරගය අද ( 17) මෙරට වේලාවෙන් ප.ව 5.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් සහභාගී වූ තරග 5න් ජයගත හැකි වූයේ එක් තරගයක් පමණි. පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ 13, 14, 15 සහ 16 යන ස්ථාන තහවුරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව හමුවේ ගෝල 88- 50 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත් විය. එහෙත් ඊයේ පැවැති සැමෝවාට එරෙහි තරගයද ශ්‍රී ලංකාව ගෝල 65-55 කින් පරාජය විය.

ෆීජි රාජ්‍යද මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 5න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඔවුන් ජයගත් එකම තරගය ද සිගප්පූරුවට එරෙහිව ජයගෙන තිබීම විශේෂත්වයකි.

ඒ අනුව අද කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් පැවැතිය හැකි බව විචාරකයන් අදහස් පළ කරයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී කණ්ඩායමක් වශයෙන් අසාර්ථක වුවද, වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩිකාවන් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පන්දු විදින්නිය වන තර්ජිනි සිවලින්ගම්ය. ඇය ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 235 කි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.