ශ්රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ ඉරානයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 10-2 ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අද ( 18 ) අවසන් මහ තරගය සඳහා සුදුකම් ලබා ගැනීමට සමත් විය.
ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 13- 2ක ජයක් ලැබූ පකිස්තාන කණ්ඩායම ද අද ශ්රී ලංකාව සමගින් අවසන් මහ තරගයේ තරග වැදීමේ අවස්ථාව උදාකර ගත්තේය. ඒ අනුව ශ්රී ලංකාව සහ පකිස්තානය අතර අවසන් මහ තරගය අනිද්දා ( 20 ) පැවැත්වේ.
ශ්රී ලංකාව මෙවර ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි අතර එහිදී ඉන්දියාව, නේපාලය සහ ඉරානයට එරෙහිව ජයග්රහණ ලබමින් අපරාජිතවම අවසන් මහ තරගය තෙක් පැමිණියේය. පකිස්තානයද මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ලැබුවේ ඉරානය, බංග්ලාදේශය සහ ඉන්දියාව පරාජයට පත් කරමිනි.
තෙවැනි ස්ථානය තොරා ගැනීම සඳහා (ලෝකඩ පදක්කම වෙනුවෙන්) පැවැත්වෙන ඉන්දියාව සහ ඉරානය අතර තරගය හෙට (19 වැනිදා) පස්වරු 1.00 ට පැවැත්වීමට නියමිතයි.
Be the first to comment