ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අවසන් සටනට සැරසෙයි !

එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව අද ( 19 ) පැවැත්වීමට නියමිතයි. ඒ දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 15 සහ 16 ස්ථාන තහවුරු කර ගැනීම සදහාය. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගන්නේ නම්, 15 වැනි ස්ථානයෙන් මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ අතර ඉන් අනතුරුව පැවැති දෙවැනි වටයේදී සැමෝවා හා ෆීජී රාජ්‍යයන්ට එරෙහිව ද පරාජන් වැළද ගැනීමට සිදුවිය. ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේදී සහභාගී වූ තරග 6න් ජයගත හැකි වූයේ එක් තරගයක් පමණි. ඒ අද දිනයේ යළිත් තරග වැදීමට නියමිත සිංගප්පූරු කණ්ඩායමට එරෙහිවයි.

සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගයේදී ගෝල 88 – 50 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද දිනයේ පැවැත්වෙන සෙසු තරග ( ශ්‍රී ලංකා වේලාවෙන් )

සැමෝවා හා ෆීජී රාජ්‍ය අතර තරගය පස්වරු 2.45 ට

සිම්බාබ්වේ හා ජැමෙයිකාව අතර තරගය පස්වරු 6.30 ට

මලවි හා උගන්ඩා අතර තරගය පස්වරු 8.45 ට

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.