සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි !

ලන්ඩනයේ පැවැති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනයේදී ගත් දැඩි තීරණයකට අනුව  සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ සිම්බාබ්වේ කි‍්‍රකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමටද එරට කී‍්‍රඩා බලධාරීන් අපොහොසත් වීමයි. එසේම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීම මෙම තහනමට ප්‍රධාන හේතුව බව පෙන්වා දී තිබේ.

එම තීරණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දෙන සියලු ප්‍රතිපාදන අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව  සිම්බාබ්වේ කණ්ඩායමට මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ද සහභාගී වීමේ අවස්ථාව අහිමි වනුබව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පිතිකරුවෙකු වන සිකන්ද රාසා ට්විටර් සටහනක් ද මෙසේ තබා තිබුණි.

‘‘ එකම එක තීරණයකින් අප ක්‍රිකට් ලෝකයට අමුත්තන්ව ගිය හැටි,
එකම එක තීරණයකින් මෙපමණ පිරිසකට ජීවිකාව අහිමිව ගිය හැටි,
ඒ එකම එක තීරණය පවුල් ගණනක් පාරට ඇද දැමූ හැටි,
ඒ එකම එක තීරණය ක්‍රීඩා ජීවිත බොහොමයක් නටඹුන් කළ හැටි,

ඊටත් වඩා;

කිසිදා නො පැතූ ලෙසකින් මට මගේ ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නට සිදු වූ හැටි. “ යනුවෙන් වේදානාත්මක සටහනක් තබා තිබුණි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.