චන්දිමාල් බංග්ලාදේශ තරගාවලියෙනුත් ඉවතට – තරංගටත් ඉඩක් නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම්කළ 22 කුගෙන් යුත් සංචිතයේ හෝ පුහුණු සංචිතයේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් නොකිරීම සමිබන්ධයෙන් මේ වනවිට යම් කතාබහක් මතුව තිබේ.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර ඇති අතර ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබුණ ද දිනේෂ් චන්දිමාල්ට එහි ස්ථානයක් හිමිව නැහැ. එයට අමතර ශ්‍රී ලංකා කන්ඩායමේ කාලයත් තිස්සේ ආරම්භක පිතිකරු භූමිකාව රගපෑ උපුල් තරංගට ද මෙම සංචිතයේ ස්ථානයක් හිමිව නොතිබීම විශේෂත්වයකි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජුලි 26දා, 28 දා හා 31 දා දිවා රාත්‍රි තරග ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය –  දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානකවනිඳු හසරංග, අකිල ධනංජය, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, ණුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ළහිරු මධුශංක

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.