නවසීලන්තය පස්වැනි වරටත් කිරුළ පළදියි

එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වූ  ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ගෝල 52-51 ක තියුණු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද ( 21 ) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් නවසීලන්තය ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව බවට මෙය පත්විය.

තියුණු සටනකින් පසු කණ්ඩායම් දෙකම පළමු කාර්තුවේදී ගෝල 10-10 කින් සමකර ගනිද්දී දෙවැනි කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පහළට ඇද දැමූ නවසීලන්ත ක්‍රීඩිකාවන් එම වටය ගෝල 18-15 කින් අවසන් කරමින් තරගයේ වැඩි වාසිය ඔවුහූ වෙත නතුකර ගත්හ.

තෙවැනි කාර්තුව ආරම්භයේදීම නවසීලන්ත  ක්‍රීඩිකාවන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව  එම තරග වටයද ගෝල 13- 12 කින් අවසන් කිරීමට සමත් විය. අවසන් කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ගෝල 14- 11 කින් එම තරග වටය ජය ගැනීමට සමත් වුවද එවිටමත් තරගයේ ජය නවසීලන්තය සතුවී අවසන්ය.

මෙවර තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහභාගී වූ තරග 7 ම ජය ගනිමින් අවසන් මහ තරගයට පිවිසෙද්දී, නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය හැරෙන්නට සෙසු තරග 6 ම ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ මෙවර තරගාවලියේ දක්ෂතා

ඕස්ට්‍රේලියාව සහ උතුරු අයර්ලන්තය අතර තරගය – ගෝල 88-29 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තරගය             – ගෝල 72-27 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව  අතර තරගය              –  ගෝල 99-24 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ බාර්බඩෝස්  අතර තරගය           – ගෝල 91-22 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ මලවි රාජ්‍ය අතර තරගය             – ගෝල 74-25 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය          – ගෝල 50-49 ක ජයක් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය         –  ගෝල 55-53 ක ජයක් ඕස්ට්‍රේලියාවට

නවසීලන්තයේ මෙවර තරගාවලියේ දක්ෂතා        

නවසීලන්තය සහ මලවි රාජ්‍ය අතර තරගය             – ගෝල 64-45 ක ජයක් නවසීලන්තයට

නවසීලන්තය සහ බාර්බඩෝස්  අතර තරගය           – ගෝල 78-25 ක ජයක් නවසීලන්තයට

නවසීලන්තය සහ සිගප්පූරුව අතැර තරගය             – ගෝල 90-21 ක ජයක් නවසීලන්තයට

නවසීලන්තය සහ සිම්බාබ්වේ අතර තරගය             –   ගෝල 79-36 ක ජයක් නවසීලන්තයට

නවසීලන්තය සහ උතුරු අයර්ලන්තය අතර තරගය –  ගෝල 77-28 ක ජයක් නවසීලන්තයට

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය           – ගෝල 50-49 ක ජයක් ඕස්ට්‍රේලියාව

නවසීලන්තය සහ එංගලන්තය අතර තරගය            – ගෝල 47-45 ක ජයක් නවසීලන්තයට\

විශේෂ අවස්ථා 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.