මාලිංග ඕස්ට්‍රේලියාවට යාමට තීරණය කරයි

වසර 15ක පමණ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ සිථීර පදිංචියට යාමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලා‍දේශ තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කිරීමෙන් පසු සමු ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඔහු තීරණය කර ඇත්තේ මෙම මස 26 වැනිදා ආරම්භ වන පළමු එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමටය.

ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවද වාර්තා වේ.

ලසිත් මාලිංග මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින අතර හෙට ( 22) දිනයේ යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ටෙස්ට් තරග 30කට හා එක්දින තරග 225කට සහභාගීවී ඇති ලසිත් මාලිංග ටෙස්ට් කඩුලු 101ක් ලබා සිටියදී 2010 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. මාලිංග මේ වන විට එක්දින කඩුලු 335ක් දවාගෙන ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම තෙවැනි පන්දු යවන්නා බවට පත්ව සිටී.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.