දැඩි ආරක්ෂාව සමඟින් බංගලාදේශ පිල දිවයිනට

එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක මෂ්රෆි මොටාසා ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ලබන්නේ තමීම් ඉක්බාල් විසිනි.

ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් ද මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබේ.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස චම්පක රාමනායක කටයුතු කිරීමට නියමිත අතර දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.