කොදෙව්වන්ට එරෙහි ඉන්දීය සංචිතය නම් කෙරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් , එක්දින හා විස්සයි 20 තරගාවලියන්ට අදලා ඉන්දීය සංචිතයන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා රොහිත් ශර්මාට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබාදෙන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි. නමුත් විරාට් කෝලි විවේක නොගැන්වීමත් සමග කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරී ඇති අතර කණ්ඩායමේ උප නායකයා ලෙස රොහිත් ශර්මා කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ හර්දික් පාණ්ඩ්‍යා මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබේ. ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුව බවට පත්ව සිටින ජස්ප්‍රිට් බුම්රා ද එක්දින හා විස්සයි 20 තරග සඳහා විවේක ගන්වා ඇති අතර ඔහු ටෙස්ට් තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කිරීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයට ලක්වූ ශිකර් ධවාන් ද සුපුරුදු ශාරීරික යෝග්‍යතාවයට පත්ව ඇති හෙයින් යළිත් කණ්ඩායමට එක් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

මහේන්ද්‍ර සිං දෝනි විවේක ගැන්වීමත් සමග එක්දින හා විස්සයි 20 කඩුලු රකින්නා ලෙස රිෂාඩ් පාන්ට් කණ්ඩායමට එක්කර ගෙන ඇති අතර ව්රිදිමන් සහ ටෙස්ට් තරගාවලියේ කඩුලු රකින්නා ලෙස පත්කර තිබේ. ලෝක කුසලාන සංචිතයට එක් වූ දිනේෂ් කාර්තික්ට මෙම තරගාවලියේ ස්ථානයක් හිමිව නැහැ.

ශ්‍රියාස් අයියර්, මනීෂ් පාන්ඩේ, වොෂින්ටන් සුන්දර් සහ නව්දීප් සයිනි ඉන්දීය එක්දින සංචිතයට එක්වූ අලුත්ම මුහුණු වේ.

ඉන්දීය විස්සයි 20 සංචිතයවිරාට් කෝලි ( නායක ), රොහිට් ශර්මා, ශිකර් ධවාන්,කේ එල් රාහුල්, ශ්‍රියාස් අයිවර්, මනීෂ් පාන්ඩේ, රිෂාබ් පාන්ට්, කෘනාල් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, රාහුල් චහාර්, බුවනේෂ්වර් කුමාර්, කලීල් අහමඩ්, දීපක් චහර්,  නව්දීප් සයිනි

ඉන්දීය එක්දින සංචිතයවිරාට් කෝලි ( නායක ), රොහිට් ශර්මා, ශිකර් ධවාන්,කේ එල් රාහුල්, ශ්‍රියාස් අයිවර්, මනීෂ් පාන්ඩේ, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදේව්, යුස්වෙන්ඩ්‍ර චහල්, කේදාර් ජාදේව්, මොහොමඩ් ශාමි, බුවනේෂ්වර් කුමාර්, කලීල් අහමඩ්, නව්දීප් සයිනි

ඉන්දීය ටෙස්ට් සංචිතයවිරාට් කෝලි ( නායක ), අජින්කියා රහනේ, මයන්ක් අගර්වල්, කේ එල් රාහුල්, සී පුජාරා, හනුමා විහාරි,  රොහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, ව්රිද්මන් සහා, රවිචන්ද්‍ර අහ්වින්,  රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදේව්, ඉෂාන්ට් ශර්මා, මොහොමඩ් ශමී, ජස්ප්‍රිට් බුම්රා, උමේෂ් යාදේව්

තරග කාල සටහන

පළමු විස්සයි 20 තරගය – අගෝස්තු 3 වැනිදා

දෙවැනි විස්සයි 20 තරගය – අගෝස්තු 4 වැනිදා

තෙවැනි විස්සයි 20 තරගය – අගෝස්තු 6 වැනිදා

පළමු එක්දින තරගය – අගෝස්තු 8 වැනිදා

දෙවැනි එක්දින තරගය – අගෝස්තු 11 වැනිදා

තෙවැනි එක්දින තරගය – අගෝස්තු 14 වැනිදා

පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 22 – 26

දෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 30 – සැප්තැම්බර් 03

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.