යාපනයේ තර්ජිනි, ශ්‍රී ලංකා අභිමානය රැකදෙයි

එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය ඊයේ ( 21 ) සමත් විය. මෙහිදී ශ්‍රී ලංකාව හිමිවූයේ කණ්ඩායම් 16ක් අතරින් 15 වැනි ස්ථානයයි.

එහෙත් මෙවර තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩිකාවන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පන්දු විදින්නිය වන තර්ජිනි සිවලිංගම් සමත් වුයාය. ඒ තරග 7ක් අවසානයේ ගෝල 348ක් ලබා ගනිමිනි. ජැමෙයිකාවේ ජැනියෙල් ෆවුලර් ගෝල 304 ක් ලබා ගනිමින් මෙම සටහනේ දෙවැනි තැනට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ සහභාගී වූ තරග 7න් ජයගත හැකි වූයේ තරග 2ක් පමණි. ඒ සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙක පමණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.