සොලමන් මිරේ හදිසියේම ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සොලමන් මිරේ හදිසියේම නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු ටෙස්ට් , එක්දින හා විස්සයි 20 යන අංශ තුනෙන්ම සමු ගන්නා බව දන්වා තිබේ.

සොලමන් මිරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ප්‍රධාන හේතුව විය හැක්කේ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කිරීම බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටියි.

සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 2කට , එක්දින තරග 47කට සහ විස්සයි 20 තරග 9කට සිය දායකත්වය සපයා ඇති මිරේ 2017 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් වරම් දිනාගනු ලැබීය.

2014 වර්ෂයේ බංග්ලදේශයට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් මිරේ, ශතකයක් හා අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 955 ක් රැස් කිරීමට සමත් විය.  ඔහුගේ හොඳම එක්දින ඉනිම ලෙස සටහන් වනුයේ 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 112යි.

පසුගියදා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පිතිකරුවෙකු වන සිකන්ද රාසා ට්විටර් සටහනක් ද තබා තිබුණි.

‘‘ එකම එක තීරණයකින් අප ක්‍රිකට් ලෝකයට අමුත්තන්ව ගිය හැටි,
එකම එක තීරණයකින් මෙපමණ පිරිසකට ජීවිකාව අහිමිව ගිය හැටි,
ඒ එකම එක තීරණය පවුල් ගණනක් පාරට ඇද දැමූ හැටි,
ඒ එකම එක තීරණය ක්‍රීඩා ජීවිත බොහොමයක් නටඹුන් කළ හැටි,

ඊටත් වඩා;

කිසිදා නො පැතූ ලෙසකින් මට මගේ ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නට සිදු වූ හැටි. “ යනුවෙන් වේදානාත්මක සටහනක් තබා තිබුණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.