ශ්‍රී ලංකාවේ දක්ෂ වේග පන්දු යවන්නෙක් වූ නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා .
සිය 37 වන උපන්දිනය දා (24) මෙම තීරණය ප්‍රකාශ කළා .
කුලසේකරගේ විශ්‍රාම දිවියට එළඹෙන්නේ ජුලි 26 වන දින බංග්ලාදේශයට එරෙහි පළමු තරඟයෙන් පසුව එක්දින තරගවලින් විශ්‍රාම ගන්නා බව ඔහුගේ හිටපු නව පන්දු සහකරු ලසිත් මාලිංග පැවසීමෙන් දින කිහිපයකට පසුවයි.
ජාත්‍යන්තර තරගවලිවලින් සමුගැනීම සඳහා නුවන් කුලසේකරට තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර දිය යුත් බව ලසිත් මාලිංග ද ඉල්ලීමක් කර තිබුනද ඊට ශ්‍රී ලංකා බලධාරින් එකඟ වුයේ නැහැ .
2003 වසරේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී එක් දින ක්‍රිකට් වරම් දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසුණු නුවන් කුලසේකර 2005 වසරේ නවසීලන්තයට එරෙහිව නේපියර් හිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළා .
කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 184 ක් ක්‍රීඩා කර කඩුලු 199 ක් දවා ගනිමින් 4.90 ක දල අනුපාතයක සිය දක්ෂතාවයන් රඳවා ගෙන තිබුනා.
මෙම දකුණත් වේග පන්දු යවන්නා විස්සයි 20 තරග 58 කදී කඩුලු 66 ක් දදවා ගෙන ඇති අතර 2014 දී විස්සයි 20 ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වුවා.
ටෙස්ට් තරග 21 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කුලසේකර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 48 ක්
37 හැවිරිදි නුවන් කුලසේකර ශ්‍රී ලංකාවේ 2019 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවූ අතර අවසන් වරට 2017 දී ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. කුලසේකර 2018 මාර්තු මාසයේ සිට ප්‍රථම මට්ටමින් තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කර නැත.
Be the first to comment