ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නෙක් වූ මුත්තයියා මුරලිදරන් ගේ ජිවිත කතාව අලලා ඉන්දියානු සිනමා ශිල්පියෙක් චිත්‍රපටයක් නිෂ්පානය සඳහා කටයුතු සුදානම් කර ඇති බව සමාජ ජාලා අතර පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් වූ බව නොරහසක්
“800” ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව , එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක රූ ගැන්වීම් ආරම්භවීමට නියමිත අතර 2020 වසරේදී ප්‍රදර්ශනය සඳහා ද සැලසුම් සකස් කර අවසන් .
CDR මෝෂන් පික්චර්ස් නම් නව සමාගමක් මඟින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කරනු ඇති.
මුරලිගේ චරිතය
මුරලිගේ චරිතයට පන පෙවීම සඳහා ඉන්දීය දමිල සිනමා නළුවෙක් වූ විජේ සේතුපති තෝරාගෙන ඇති බවත් සඳහන්.
එම චිත්‍රපටයේ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වූ රසල් ආනොල්ඩ් ගේ චරිතයද එක් කර ඇති අතර ඒ සඳහා පනපෙවීමට තමන් සුදානම් බවත් රසල් ආනොල්ඩ් සුදානම් බව රසල් සිය ටිව්ටර් ගිණුම හරහා චිත්‍රපටයේ නිෂ්පාදක සමඟ කෙරුණු සංවාදයකදී පවසා සිටීම විශේෂයි.
රසල් ආනොල්ද්ගේ චරිතය සඳහා යෝගී බාබු නම් නළුවෙක් සුදුස් බවට යෝජනා වී තිබුනද ” රසල් විදිහට ඇත්තම රසල් ” සුදුසු නැද්ද ලෙස රසලානොල්ඩ් සිය ට්විටර් සංවාදයේදී පවසා තිබෙනවා
එම සංවාදය පහත දැක්වේ
Here’s how the conversation went:
Be the first to comment