සංචාරක බංග්ලාලේශ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද ( 26 ) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකි විය.
තම අවසන් එක්දින තරගයට ක්‍රීඩාකල ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් ලකුණු 34කට කඩුලු 3 බැගින් බිද හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
2004 වර්ෂයේදී එක්සත් අරාබි අමීර් රාජ්‍යට එරෙහිව එක්දින වරම් හිමිකරගත් ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන විට තරග 226කදී කඩුලු 338 ක් දවාලිමට සමත් විය. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු බිඳහෙලූ ක්‍රීඩකයන් අතර තෙවැනි තැනට පත්වෙමිනි. මෙහි පළමු හා දෙවැනි ස්ථානයන්හි පිළිවෙළින් මුත්තයියා මුලරිදරන් හා චමින්ද වාස් රැදී සිටිති.
ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 41.4 කදී සියලුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 223 ක් පමනි.
කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූ මුෂ්ෆිකර් රහීම් සහ සබීර් රෙහිමාන් පස්වන කඩුල්ල සඳහා ලකුණු 111 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද, එයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේන් අවස්ථාවක් හිමි නොවූහ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් වුවද, එය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය. ඔහුට අනගි සහයක් ලබාදුන් සබීර් රෙහ්මාන් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.
බංග්ලාදේශ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සකාර්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ලසිත් මාලිංග, තමීම් ඉක්බාල් ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට සමත්වූයේ මාලිංගගේ යෝකර් පන්දුවේ විශිෂ්ටත්වය යළිත් මනාව පිළිබිඹු කරමිනි. ඔහුට අනගි සහයක් ලබා දෙමින් අනෙත් අන්තයේ පන්දු යැවූ නුවන් ප්‍රදීප් මොහොමඩ් මිතුම්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග බංග්ලාදේශ ඉනිමේ කඩා වැටිම ආරම්භ විය.
කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර , ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314 ලබා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්නට සහ අවිශ්ක ප්‍රනාන්දුට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ෂෆියුල් ඉස්ලාම් ලකුණු 07ක් ලබාසිටි අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
ඉන් අනතුරුව පිටියේ එක් වූ කුසල් ජනිත් පෙරේරා සහ නායක දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණඩායම යළිත් ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ. මෙහිදි හසන්ගේ පන්දුවක් හමුවේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 2කට ලකුණු 107 ලෙසිනි.
බංග්ලාදේශ පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 100 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී හයේ පහරක් සහ හතරේ පහර 17ක් සමගින් ලකුණු 111ක් රැස් කිරීමට සමත් වූයේ තම එක්දින ක්‍රිකට් පිටියේ 5වැනි ශතකය තමන් ඉදිරියේ සනිටුහන් කර ගනිමිනි.
කුසල් මෙන්ඩිස්, රුබෙල් හසන්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆිකර් රහීම්ගේ අතට උඩපන්දුවක් ලබා දීම නිසා ලකුණු 43 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ වනවිට ශ්‍රී ලංකා පුවරුව සටහන් වූයේ කඩුලු 4කට ලකුණු 212 ක් ලෙසයි.
පස්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට මුස්ටෆිසුර් රහ්මාන් සමත් වූ අතර තම අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ලසිත් මාලිංග අද දිනයේදී 9 වැනි පිතකරුවා ලෙස පිටියට පිවිසෙමින් නොදැවී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ෂෆියුල් ඉස්ලාම් ලකුණු 62කට කඩුලු 3ක් සහ මුස්ටෆිසුර් රහ්මාන් ලකුණු 75කට කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 50 අවසනාවයේ කඩුලු 8කට ලකුණු 314
( දිමුත් කරුණාරත්න 36, කුසල් ජනිත් පෙරේරා 111, කුසල් මෙන්ඩිස් 43, ලහිරු තිරිමාන්න 25, ඇන්ජලෝ මැතිවුස් 48, ලසිත් මාලිංග නොදැවී 06, ෂෆියුල් ඉස්ලාම් 62/3, මුස්ටෆිසුර්
බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 41.4 කදී සියලු දෙනා දැවී ලකුණු 223
( මුෂ්ෆිකර් රහීම් 67, සබීර් රෙහිමාන් 60, නුවන් ප්‍රදීප් 51/3 , ලසිත් මාලිංග 38/3 , ධනංජය ද සිල්වා49/2 )
Be the first to comment