කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ , කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට අවතීරණ වන අතර බංග්ලදේශය ද එක් වෙනස්කමක් සමගින් තරගයට ප්‍රවිශ්ට වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරාට මෙම තරගයේදී ස්ථානයක් හිමිව නැහැ. ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමත් සමග ඉසුරු උදාන සහ අකිල ධනංජය නැවතත් කණ්ඩායමට එක් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අකිල ධනංජය මෙම වසරේ මාර්තු මාසයෙන් පසු එක්වන පළමු ජාත්‍යන්තර තරගය ද මෙය වේ.

බංග්ලාදේශ කණ්ඩායමේ රුබල් හුසේන් වෙනුවට ටජියුල් ඉස්ලාම් කණ්ඩායම එක්කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ) , අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, ලහිරු තිරිමාන්න, දනංජය ද සිල්වා, අකිල ධනංජය, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර

බංග්ලාදේශ කණ්ඩායම – තමීම් ඉක්බාල් ( නායක) , සෞම්‍ය සකාර්, මෙහොමඩ් මිතුම්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, මොසැන්ඩික් හුසේන්, සබීර් රෙහ්මාන්, මෙහෙදි හසන්, ටජියුල් ඉස්ලාම්, ෂෆියුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රහ්මාන්

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.