වයස 23 න් පහළ ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාවලිය හෙට ඇරඹේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලිය හෙට ( 03 ) මියන්මාරයේදී ආරම්භ වීමට නියමිතයි.

ෂෙහාන් ලක්ෂිත බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 5.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවර ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙමින් සත්කාරක මියන්මාරය, ඕස්ට්‍රේලියාව සහ හොං කොං රාජ්‍යන් සමගින් පළමු වටයේදී තරග කිරීමට නියමිතය.

මීට පෙර 2015 සහ 2017 යන වර්ෂයන්හිදී වයස 23න් පහළ වොලිබෝලි ශූරතා තරගාවලි දෙකක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව සහභාගී වූයේ 2017 වසරේ පැවැති තරගාවලියට පමණි. එහිදී රටවල් 11ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා සංචිතය - ශෙහාන් ලක්ෂිත (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය), සංක දිල්ෂාන් (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය), විනෝද් මදුරංග (MAS ලෙශලයින්), රෙහාන් මදුශංක (MAS ලෙශලයින්), නුවන් තාරක (MAS ලෙශලයින්), ගයාන් මදුශංක (MAS ලෙශලයින්), කවිඳු පබසර (ටීජේ ලංකා), අවිශ්ක කෞෂාල් (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), අශේන් දනුෂ්ක (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), අචිර සේනානායක (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), තරුෂ චමත් (සාන්ත ජෝසප් වාස්  විද්‍යාලය), ෂෙහාන් මදුශංක (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)

පළමු වටයේ තරග කාල සටහන

අගෝස්තු 3 වැනිදා – ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ප.ව 5.30 ට

අගෝස්තු 4 වැනිදා – මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර තරගය ප.ව 12.30ට

අගෝස්තු 05 වැනිදා – හොං කොං හා ශ්‍රී ලංකාව අතර තරගය පෙ.ව 10.00 ට

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.