ටෙස්ට් ක්රිකට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට පාකිස්තානයේ සංචාරය කිරීම තම ජාතික කණ්ඩායමට ආරක්ෂිත දැයි තීරණය කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක් ලබන බදාදා කරච්චි නුවර බලා යාමට නියමිතව ඇත. මෙම තරගාවලිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති එහ්සාන් මනි මහතා පවසා ඇත්තේ, ශ්රී ලංකා නියෝජිත කණ්ඩායම කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද්හි කණ්ඩායම් රැඳී සිටින ක්රීඩාංගණ සහ හෝටල් වෙත පැමිණ එහි පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් හමුවීමට නියමිත බවයි.
ආරක්ෂක මණ්ඩලයේ වාර්තාවට අනුව ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය විසින් එහ්සාන් මනී මහතා වෙත දන්වා තිබේ.
Be the first to comment