ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම පළමු තරගය පරදියි

මියන්මාරයේ සත්කාරකත්වයෙන් ආරම්භ වූ තෙවැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද ( 03 ) ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 කින් පරාජය වීමට සිදුවිය.

මෙවර සත්කාරකත්වය දරන මියන්මාරය සහ හොං කොං රාජ්‍ය අතර පැවැති තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ  වූ අතර එහිදී තරග වට 3-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරකයන් සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු වටයේදී ඕස්ට්‍රේලියානුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එය තරගයේ අවසානය තෙක් රදාවා ගැනීමට අපොහොසත් වීම නිසා පළමු වටය ලකුණු 29-27 කින් ජය ගැනීමට  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නමුත් ඕස්ට්‍රේලියානු ප්‍රහාරකයන්ගෙන් කිසිසේත් ගැලවීමට අවස්ථාවක් නොලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි හා තෙවැනි වට වලදී දරුණු පරාජයකට මුහුණ දීමට සිදු විය. එහිදී දෙවැනි වටය ලකුණු 25-17 කින් සහ තෙවැනි වටය ලකුණු 25-14 කින් ජය ගත් ඕස්ට්‍රේලියාව තරග වට 3-0 ක විශිෂ්ට ජයක් ලබමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන දෙවැනි තරගය හෙට ( 04 ) සත්කාරක මියන්මාර කණ්ඩායමට එරෙහිව මුහුණ දීමට නියමිතයි.

අද ( 03 ) පැවැති සෙසු තරග ප්‍රතිඵල

‘‘ ඒ “ කාණ්ඩය

  • මියන්මාරය හා හොං කොං රාජ්‍ය අතර තරගයෙන් තරග වට 3-0 ජයක් ලැබීමට මියන්මාරය සමත් විය. ( 25-20 / 25-22 25/22 )

“ බී “ කාණ්ඩාය

  • කසකස්තානය සහ වියට්නාමය අතර තරගයෙන් තරග වට 3-0 ජයක් ලැබීමට කසකස්තානය සමත් විය. ( 25-22/25-18/25-15 )
  • සෞදි අරාබිය සහ ජපානය අතර තරගයෙන් තරග වට 3-0 ජයක් ලැබීමට ජපානය සමත් විය. ( 25-18/ 25-10/25-18 )

“ සී “ කාණ්ඩය

  • බහරේනය සහ චීන තාපේ අතර තරගයෙන් තරග වට 3-0 ජයක් ලැබීමට චීන තාපේ කණ්ඩායම සමත් විය. ( 25-20/25-19/25-23 )
  • කටාරය සහ පකිස්තානය අතර තරගයෙන් තරග වට 3-0 ජයක් ලැබීමට පකිස්තානය සමත් විය. ( 25-22/25-11/25-21 )

“ ඩී “ කාණ්ඩය

  • නවසීලන්තය සහ තායිලන්තය අතර තරගයෙන් තරග වට 3-1 ජයක් ලැබීමට තායිලන්තය සමත් විය. ( 22-25/25-17/25-17/25-10 )
  • චීනය සහ ඉන්දියාව අතර තරගයෙන් තරග වට 3-2 ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. ( 25-22 ජය චීනය/ 29-27 ජය ඉන්දියාව/ 25-17 ජය ඉන්දියාව/ 27-25 ජය චීනය/ 15-11 ජය ඉන්දියාව )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.