පාපන්දු පිටියේ විශිෂ්ටයෙකු මෙන්ම ආජන්ටිනා ජාතික කණ්ඩායමේ නායකයා වන ලියොනල් මෙසීට මාස 03ක තරග තහනමක් පැනවීමට දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඔහුට මෙම තරග තහනම පැනවීමට ප්රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ‘ කෝපා ඇමරිකා ‘ පාපන්දු තරගාවලිය දූෂිත එකක් බව පැවසීමත් සමගිනි.
මේ වෙනුවෙන් ඩොලර් 50, 000 ක දඩයක් ද නියම කිරීමට දකුණු ඇමරිකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
පසුගියදා නිමාවට පත්වූ කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේදී මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා කණ්ඩායමට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ඒ චිලී රාජ්ය ගෝල 2-1 කින් පරාජය කිරීමත් සමගිනි. කෙසේ වෙතත් මෙම තරගයේදී ලියොනල් මෙසීට රතු කාඩ්පතක් ලබා දීම නිසා පිටියෙන් ඉවත් වීමට ද සිදු විය. පසුව මෙසී පවසා තිබුණේ මෙම තරගාවලිය සම්පූර්ණයෙන්ම බ්රසීලයට ජයග්රහණය සඳහාම පමණක් සකසා තිබූ එකක් බවයි.
මෙසී, තරග තහනමට ලක්වීම හේතුවෙන් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල පැවැත්වෙන චිලි රාජ්ය, මෙක්සිකෝ සහ ජර්මනිය එරෙහි තරග සදහා ද සහභාගී වීමට අවස්ථාව අහිමි වනු ඇත.
Be the first to comment