තෙවැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ සත්කාරක මියන්මාර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය තරග වට 3-1 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 04 ) සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3 ) ඕස්ට්‍රේලියාවට එරෙහිව සහභාගී වූ පළමු තරගය තරග වට 3-0 කින් පරාජය වෙමින් අද තරගයට පිවිසෙද්දී, සත්කාරක මියන්මාර් කණ්ඩායම අද තරගයට පිවිසියේ ඊයේ හොං කොං රාජ්‍යට එරෙහිව තරග වට 3-0 ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවය. කෙසේ වෙතත් අද තරගයේ පළමු වටය සාර්ථක ජයගත් මියන්මාර් ක්‍රීඩකයෝ එම තරග වටය ලකුණු 25 – 18 කින් අවසන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට යම් චකිතයක් ද ඇති කරමිනි.
දෙවැනි වටයේදී ද කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් දැක ගැනීමට හැකි වුවද තරගය සම්පූරණයෙන් කනපිට හැරවූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටය ලකුණු 28 – 26 කින් ජය ගත්තේය.
තෙවැනි හා සිව්වන වට වලදී තමන්ගේ උපරිමය පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරග වට දෙකද පිළිවෙලින් ලකුණු 25 -1 9 ක් සහ 25 – 14 කින් පහසුවෙන්ම ජය ගනිමින් මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන තෙවැනි හා අවසන් තරගය හෙට ( 05 ) හොං කොං කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Be the first to comment