ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී පිතිහරඹයත්, නේතන් ලයන්ගේ හා පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අළු බඳුන ක්‍රිකට් තරගයෙන් ලකුණු 251 ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 05 ) සමත් විය. මෙම ජයග්‍රහණය සමගින් තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 398 ක ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 52.3කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 146ක් පමණි.
එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම දිවා ආහාරයටත් ප්‍රථම පිටියෙන් ඉවත් කළ නේතන් ලයන් හා පැට් කමින්ස් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතුකර දුන්හ. ජයග්‍රහණය කෙසේ වුවද, තරගය ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට එංගලන්ත මැද පෙළ පිතිකරුවන්ගෙන් කණ්ඩායමට කිසිදු සහයෝගයක් නොලැබීම එංගලන්ත කණ්ඩායමට මෙලෙස දරුණු පරාජයකට මුහුණ දීමට මග විවර විය. දිවා ආහරයෙන් පසු එංගලන්ත ඉනිමේ සෙසු කඩුලු 6 ද ලකුණු 61ක් තුළ බිඳ හෙලීමට නේතන් ලයන් හා පැට් කමින්ස් සමත් වූයේ එංගලන්ත නිජබිමේදීම එංගලන්තය දරුණු පරාජයකට ඇද දමමිනි. එංලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ක්‍රිස් වෝක්ස් ලකුණු 37ක් රැස් කිරීමට සමත් වි ය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම එඩ්ග්බැස්ටන්හිදී ටෙස්ට් ජයක් ලැබුවේ 2001 වසරින් පසු වීම විශේෂත්වයකි.
ස්මිත්ගෙන් පසු ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී නියමුවා බවට පත්වූ නේතන් ලයන් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 49කට කඩුලු 6ක් හා පැට් කමින්ස් ලකුණු 32 කට කඩුලු 4 බැගින් බිද හෙලූහ.
තරග තහනමෙන් පසු ටෙස්ටි පිටියට පැමිණි ස්ටිව් ස්මිත්, සිය පළමු ඉනිමේදී ම ශතකයකින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. ඉන් නොනැවතුණු ස්මිත් පිට පිටම දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සමත් වූයේ අළු බඳුන තරගයකදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිට පිටම ශතක දෙකක් රැස්කළ පස්වන පිතිකරුවා බවට පත්වෙමිනි.එසේම එය ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු 2002 වසරින් පසු අළු බඳුන තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව බවට ද පත්විය. අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි තැනට පත් වීමට ද ස්මිත්ට හැකියාව ලැබිණ. ඒ අනුව අළු බඳුන තරග ඉතිහාසයේ ස්මිත් සතුව ටෙස්ට් ශතක 10ක් මේ වනවිට සටහන් වී ඇත.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්මිත්, ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 207කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මැතිව් වේඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 143 කදී හතරේ පහර 17ක් සමග ලකුණු 110 ක් රැස් කිරීමට සමත් විය.
සිව්වන කඩුල්ල සඳහා ස්මිත් සමග ලකුණු 130 ක සබඳතාවයක් ගොඩ නැගූ ට්‍රැවිස් හෙඩ් ලකුණු 51 කින් තම ඉනිමත් වර්ණවත් කර ගත්තේය.
ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 487ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නේය. එවිට කඩුල්ලේ රැදී සිටි ජේම්ස් පැටින්සන් නොදැවී ලකුණු 47 සහ පැට් කමින්ස් නොදැවී ලකුණු 26 ක් ලබා සිටියහ.
පන්දු යැවීමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 85කට කඩුලු 3ක් සහ මොයින් අලී ලකුණු 130කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – පන්දුවාර 80.4කදී සියලු දෙනා දැවී ලකුණු 284
( ස්ටිව් ස්මිත් 144, ට්‍රැවිස් හෙඩ් 35, පීටර් සිඩෙල් 44, නේතන් ලයන් නොදැවී 12, ස්ටුවඩ් බ්‍රෝඩ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3 )
එංගලන්ත පළමු ඉනිම – පන්දුවාර 90 කදී කිකඩුලු 4කට ලකුණු 267
( රොරි බර්න්ස් නොදැවී 125 , ජෝ රූට් 57, බෙන් ස්ටොක්ස් නොදැවී 38, ජේම්ස් පැට්න්සන් 54/2 )
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – පන්දුවාර 112කදී කඩුලු 7කට ලකුණු 487
( උස්මාන් කවාජා 40, ස්ටිව් ස්මිත් 142, ට්‍රැවිස් හෙඩ් 51, මැතිව් වේඩ් 110, ජේම්ස් පැටින්සන් නොදැවී 47, පැට් කමින්ස් නොදැවී 26, බෙන් ස්ටොක්ස් 85/3, මොයින් අලී 130/2 )
එංගලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 52.3කදී සියලු දෙනා දැවී ලකුණු 146
( ජේසන් රෝයි 28, ජෝ රූට් 28, ක්‍රිස් වෝක්ස් 37, නේතන් ලයන් 49/6, පැට් කමින්ස් 32/4 )
Be the first to comment