ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ එංගලන්තයට ලකුණු 398 ක ඉලක්කයක් ලබා දෙමිනි. ඒ අනුව දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිස එංගලන්ත කණ්ඩායම සිව්වන දිනය වන අද දිනට ( 04 ) තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හෙට දිනයේදී තවත් ලකුණු 385ක් රැස් කළ යුතුවෙයි.
පන්දුවට පහර දෙමින් සිටි රෝරි බර්න්ස් ( නොදැවී ලකුණු 7 ) සහ ජේසන් රෝයි ( නොදැවී ලකුණු 6 ) ක ලබා කඩුල්ලේ රැදී සිටියහ.
තෙවැනි දිනට ඊයේ ( 03 ) තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 124 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමෙන් එංගලන්ත පන්දු යවන්නන්ට අද දිනයේ බිද හෙලිය හැකි වූයේ කඩුලු 4ක් පමණි. සිය රිද්මය එලෙසින්ම පවත්වා ගත් ස්ටිව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ් හා මැතිව් වේඩ් ලකුණු අතරට පැමිණෙමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළහ.
තරග තහනමෙන් පසු ටෙස්ටි පිටියට පැමිණි ස්ටිව් ස්මිත්, සිය පළමු ඉනිමේදී ම ශතකයකින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. ඉන් නොනැවතුණු ස්මිත් පිට පිටම දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සමත් වූයේ අළු බඳුන තරගයකදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිට පිටම ශතක දෙකක් රැස්කළ පස්වන පිතිකරුවා බවට පත්වෙමිනි.එසේම එය ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු 2002 වසරින් පසු අළු බඳුන තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව බවට ද පත්විය. අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි තැනට පත් වීමට ද ස්මිත්ට හැකියාව ලැබිණ. ඒ අද දිනයේ ලබාගත් ශතකයත් සමගින් අළු බඳුන තරගාවලිෙය් ශතක 10ක් සම්පූර්ණ කිරීමත් සමගය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්මිත්, ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 207කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මැතිව් වේඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 143 කදී හතරේ පහර 17ක් සමග ලකුණු 110 ක් රැස් කිරීමට සමත් විය.
සිව්වන කඩුල්ල සඳහා ස්මිත් සමග ලකුණු 130 ක සබඳතාවයක් ගොඩ නැගූ ට්‍රැවිස් හෙඩ් ලකුණු 51 කින් තම ඉනිමත් වර්ණවත් කර ගත්තේය.
ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 487ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නේය. එවිට කඩුල්ලේ රැදී සිටි ජේම්ස් පැටින්සන් නොදැවී ලකුණු 47 සහ පැට් කමින්ස් නොදැවී ලකුණු 26 ක් ලබා සිටියහ.
පන්දු යැවීමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 85කට කඩුලු 3ක් සහ මොයින් අලී ලකුණු 130කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
හෙට ( 05 ) තරගයේ පස්වන හා අවසන් දිනයයි.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – පන්දුවාර 80.4කදී සියලු දෙනා දැවී ලකුණු 284
( ස්ටිව් ස්මිත් 144, ට්‍රැවිස් හෙඩ් 35, පීටර් සිඩෙල් 44, නේතන් ලයන් නොදැවී 12, ස්ටුවඩ් බ්‍රෝඩ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3 )
එංගලන්ත පළමු ඉනිම – පන්දුවාර 90 කදී කිකඩුලු 4කට ලකුණු 267
( රොරි බර්න්ස් නොදැවී 125 , ජෝ රූට් 57, බෙන් ස්ටොක්ස් නොදැවී 38, ජේම්ස් පැට්න්සන් 54/2 )
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – පන්දුවාර 112කදී කඩුලු 7කට ලකුණු 487
( උස්මාන් කවාජා 40, ස්ටිව් ස්මිත් 142, ට්‍රැවිස් හෙඩ් 51, මැතිව් වේඩ් 110, ජේම්ස් පැටින්සන් නොදැවී 47, පැට් කමින්ස් නොදැවී 26, බෙන් ස්ටොක්ස් 85/3, මොයින් අලී 130/2 )
එංගලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 7කදී කිසිවෙකු නොදැවී ලකුණු 13
( රෝරි බර්න්ස් නොදැවී 7, ජේසන් රෝයි නොදැවී 6 )
සියලු තොරතුරු www.srilankasports.com ඇසුරෙන් බලාපොරොත්තු වන්න.
Be the first to comment