
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ( 05 ) පැවැති පළමු කොටසේ තරගයන්හිදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාල ඒ කණ්ඩායම, කදාන ද මැසනඩ් විද්‍යාලය, කුරුණෑගල මලියදේව ඒ කණ්ඩායම හා කොළඹ තර්ස්ටන් විද්‍යාල ඒ යන කණ්ඩායම් සිය ජයග්‍රහණ වාර්තා කළේය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට එරෙහිව ශාන්තා ආනා විද්‍යාලයේ ට්‍රිමල්ෂ සිල්වා ලකුණු 112 ක් රැස් කිරීමට සමත් විය.
ශාන්ත ආනා විද්‍යාලය සහ විද්‍යාලෝක විද්‍යාලය අතර තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී
ශාන්ත ආනා විද්‍යාලය – පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 260
( ට්‍රිමල්ෂ සිල්වා 112, ෂෙවෝන් නිමන්ත නොදැවී 35, දිලීෂ නෙත්සර 33/4, සොනාල් රන්සර 49/3 )
විද්‍යාලෝක විද්‍යාලය – පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 221
( සොනාල් රන්සර 77, ගිහාන් අසංක 47, කවිඳු බස්නායක 46, රිෂිත පෙරේරා 44/4, කලිඳු විජේසිංහ 14/3 )
ශාන්ත ආනා විද්‍යාලයට ලකුණු 39ක ජයක් හිමි විය.
කොළඹ ආනන්ද විද්‍යාල ඒ කණ්ඩායම සහ කොළඹ රාජකීය විද්‍යාල ඒ කණ්ඩායම අතර තරගය කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී
ආනන්ද විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවි ලකුණු 145
( අනුද ජයවීර 32, හංසක ජයසිංහ 28, කිෂාන් බාලසූරිය 29/3, සදීෂ රාජපක්ෂ 01/2 )
රාජකීය විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 42. 4කදී කඩුලු 7කට ලකුණු 146
( ඉසිවර දිසානායක 52, කවිඳු පතිරත්න නොදැවී 28, විනුක දන්සිත් 16/2 )
රාජකීය විද්‍යාල ඒ කණ්ඩායමට කඩුලු 3 ක ජයක් හිමි විය.
කදාන ද මැසිනඩ් විද්‍යාල ඒ කණ්ඩායම සහ ගාල්ල මහින්ද විද්‍යාල ඒ කණ්ඩායම අතර තරගය මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේදී
ද මැසිනඩ් විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 248
( මිතුල් සේනාරත්න 73, රුවින් ෆොන්සේකා 47, කුෂාන් මධුෂාන් 38/4, සිසිර හේලිත 50/4 )
මහින්ද විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 49.1 කදී සියලු දොන දැවී ලකුණු 222
( සිසිර හේලිත 60, කවිඳු ලක්ෂාන් 49, ෂෙවෝන් කෞෂල්‍ය 47/4, සිසිර ඉඳුමින 46/3 )
ද මැසිනඩ් විද්‍යාල ඒ කණ්ඩායමට ලකුණු 26 ක ජයක් හිමි විය.
කුරුණෑගල මලියදේව විද්‍යාල ඒ කණ්ඩායම සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාල ඒ කණ්ඩායම අතර තරගය
මලියදේව විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 211
( කවීෂ සමරකෝන් නොදැවී 64, කවිඳු රන්මල් 48, ආලෝක මල්ෂාන් 36/2, සෙනත්ප්රනාන්දු 40/2 )
මාරිස්ටෙලා විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 20 කදී කඩුු 5කට ලකුණු 80
කවිච් කුමාරසිරි 28, හසිඳු කහගොල්ල 22/3, පසිඳු විජේරත්න 29/2 )
මලියදේව විද්‍යාලයට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 38 ක ජයක් හිමි විය.
කොළඹ තර්ස්ටන් විද්‍යාල ඒ කණ්ඩායම සහ කැළණිය ගුරුකුළ විද්‍යාල ඒ කණ්ඩායම අතර තරගය මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී
තර්ස්ටන් විද්‍යාල ඒ කණ්ඩායම – පන්දුවාර 37.4කදී සියලු දෙනා දැවී ලකුණු 118
( විහංග ජයමාන් 25, රනේෂ් සිල්වා 21, යෂ්මින්ත සුදේෂ් 14/3, තුෂාර මධුෂාන් 18/2, විහංඟ ඉරංජන 22/2 )
ගුරුකුළ විදයාල ඒ කණ්ඩායම – පන්දුවාර 25.1 කදී සියලු දෙනා දැවී ලකුණු 39
( නිපුන් ප්‍රේමරත්න 06/3, භවන්ත ජයසිංහ 08/2, ධනංජ සිල්වා 08/2, ලෙනෙත් විජේරත්න 10/2 )
තර්ස්ටන් විද්‍යාල ඒ කණ්ඩායම ලකුණු 79ක ජයක් හිමි විය.
Be the first to comment