පකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම අද ( 07 )  සමත් විය.

පළමු වටය ලකුණු 25 – 17 කින් ජයගත් පකිස්තාන කණ්ඩායටම දෙවැනි වටයද ඉතා පහසුවෙන්ම ලකුණු 25 – 20 කින් ජය ගනිමින් සාර්ථක ආරෙම්භයක් ලබා ගත්තේය. තීරණාත්මක තෙවැනි තරග වටයේදී පකිස්තාන ක්‍රීඩකයන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටය ලකුණු 25 – 21 කින් ජය ගැනීමට සමත් විය. සිව්වන තරග වටයේදී ජයග්‍රාහී ලකුණු සීමාවද පසුකරමින් කණ්ඩායම් ද්විත්වයම තරගයට අවතීර්ණ වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුපුරුදු රිද්මය පවත්වා නොගැනීම හේතුවෙන් එම තරග වටයේද ජය පකිස්තානය සතුවිය. එහිදී පකිස්තානය එම තරග වටය ජය ගනු ලැබුවේ ලකුණු 30 – 28 ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය හෙට ( 08 )  චීන තාපේ කණ්ඩායම සමගින් පැවැත්වේ .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.