විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන, රාජ්‍ය නිල අනුග්‍රහයෙන් පවත්වනු ලබන ප්‍රධානතම රාජ්‍ය ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙල ඔක්තෝම්බර් 24,25,26 සහ 27 යන දිනයන්හිදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 45 වැනි වරටය.
මෙම තරගාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ප්‍රාදේශීය මට්ටමේ දක්ෂතා පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලය වෙත මුදා හැරීමේ එක් පියවරක් වශයෙනි.
මෙවර තරගාවලියේදී තරග ජයග්‍රාහකයින් සඳහා තනි තරග ඉසව්වකදී පළමු ස්ථානය සඳහා රුපියල් 15, 000 ක මුදලක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 10,000 ක මුදලක් මෙන්ම තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් 6000 ක මුදලක් පිරි නැමීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු සංවිධානය කර තිබේ.
කණ්ඩායම් තරග ඉසව් වලදී පළමු ස්ථානය දිනාගන්නා කණ්ඩායමක එක් සාමාජිකයෙකුට මුදලින් රුපියල් 6000කුත්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 4000ක් මෙන්ම තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට රුපියල් 2000 බැගින් පිරි නැමීමට නියමිතය.
එසේම දක්ෂතම ක්‍රීඩකයන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් 20, 000 මුදලක් ලබා දීමට නියමිතය.
Be the first to comment