ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා සුදුස්සන් තේරීමේ අවසන් 6 දෙනා අතරට එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනෙක් අපේක්ෂකයින් වන්නේ නවසීලන්තයේ මයික් හේසන්, දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන්, එංගලන්තයේ ට්‍රෙවර් බේලිස්, ඕස්ට්‍රේලියාවේ ටොම් මූඩි සහ හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාෂ්ත්‍රි ය.
දේශීය සහ විදේශීය අයදුම් කරුවන් 2000 ක් අතරින් මෙම තේරීම සිදුකර තිබේ.
මිට පෙර අවස්ථාවක දී මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී එහි පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර කිහිපයක් කටයුතු කරයි.
Be the first to comment