ජෝශප් සහ වේල්ස් කුමරු ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති  දෙවැනි කොටසේ තරගයන්හිදී  වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල ඒ කණ්ඩායම සහ මොරටුව වේල්ස් කුමරු විද්‍යාල බී කණ්ඩායම සිය ජයග්‍රහණ වාර්තා කළේය.

වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල ඒ කණ්ඩායම සහ කරන්දේණිය මධ්‍ය මහ විද්‍යාලය ඒ කණ්ඩායම අතර පැවැති තරගයෙක් ලකුණු 73 ක ජයක් ලැබීමට ජෝශප් විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝශප් විද්‍යාලය පන්දුවාර 38කදී කඩුලු 9කට ලකුණු 261 ක් රැස් කිරීමට සමත් විය. ජෝශප් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විනෝද් වීරසේකර නොදැවී ලකුණු 85 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරන්දේණිය විදයාලයට පන්දුවාර 38 අවසානයේ කඩුලු 9ක් දැවී රුසකර ගතහැකි වූයේ ලකුණු 188ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කීත් ගුණසේකර ලකුණු 46කට කඩුලු 5ක් බිද හෙලීය.

මොරටුව වේල්ස් කුමරු විද්‍යාල බී කණ්ඩාම සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාල බී කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 38ක ජයක් ලැබීමට වේල්ස් කුමරු විද්‍යාලය සමත් විය.

වත්තල ශාන්ත ජෝශප් ඒ සහ කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාල ඒ අතර තරගය කිරිදිවෙලදී

ජෝශප් විද්‍යාල ඒ – පන්දුවාර 38කදී කඩුලු 9කට ලකුණු 261

( විනෝද් වීරසේකර නොදැවී 85, හංසජ ගුණසේකර 47, රොමාල් පිලපිටිය 27, නිසල් ප්‍රනාන්දු 27, ෂහේන් විජේසුන්දර 24, මාලිංග සිල්වා 23, තරූෂ ඩිනාල් 70/3, හංසමාන ද සිල්වා 71/3, දිමුඳු පසන් 46/2 )

කරන්දෙණිය විද්‍යාල ඒ – පන්දුවාර 38 කදී කඩුලු 9කට ලකුණු 188

( ප්‍රමෝද් මිහිරාන් 49, සවිඳු උමේෂ් 32, හංසමාන ද සිල්වා 27, ජනිත් කෞෂල්‍ය 22, කීත් ගුණසේකර 46/5, අභීත කෞෂාන් 34/2 )

ජෝශප් විද්‍යාල ඒ කණ්ඩායමට ලකුණු 73 ජයක් හිමි විය.

මොරටුව වේල්ස් කුමරු බී කණ්ඩායම සහ කොළඹ ශාන්ත පීතර බී කණ්ඩායම අතර තරගය ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදී

වේල්ස් කුමරු බී – පන්දුවාර 25 කදී කඩුලු 8කට ලකුණු 109

( චෙනුල මැන්ඩි  33, ටෙව්න් ද  සිල්වා 15/2, ස්ටෙෆන් සෙනෙවිරත්න 14/2 )

පීතර විද්‍යාල බී – පන්දුවාර 22.4 කදී සියලු දෙනා දැවී ලකුණු 71

( ස්ටෙෆන් සෙනවිරත්න නොදැවී 27, මහින්ත දිනූෂන් 17/3 , සඳුන් කෞෂල්‍ය 12/2 )

වේල්ස් කුමරු විද්‍යාල බී කණ්ඩායම ලකුණු 38ක ජයක් හිමිවිය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.