සවිත්, සුපුන් සහ මොහොමඩ් ශතක රැස් කරති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා ( 09 ) පැවැති  තෙවැනි කොටසේ තරගයකදී වැලිමඩ මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව ලකුණු 357 ක විශිෂ්ට ජයක් ලැබීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. මෙම තරගය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදයාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 489ක් රැස් කිරීමට සමත් විය. මෙම තරගයේදී ශාන්ත තෝමස් විදයාලය වෙනුවෙන් විශිෂ්ට ශතකයන් ත්‍රිත්වයක් වාර්තා වූ අතර එහිදී, සවිත් රත්නායක (  155 ) , සුපුන් පෙරේරා ( 117 ) සහ මොහොමඩ් මෆාස් ( 105 ) බැගින් ලබා ගනිම්න් විද්‍යාලයීය ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 490 ක ඉලක්කය හඹාගිය වැලිමඩ මධ්‍ය මහ විද්‍යාලයට පන්දුවාර 23.3 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 132 ක් පමණි. පන්දු යැවීමේදී සුපුන් සෙනෙවිරත්න ලකුණු 55කට කඩුලු 4ක් සහ සවිත් රත්නායක ලකුණු 20කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

 ශාන්ත තෝමස් විද්‍යාලයපන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 489

( සවිත් රත්නායක 155, සුපුන් පෙරේරා 117, මොහොමඩ් මෆාස් 105, භවන්ත වීරසිංහ 67, දේවින්ද තෙන්නකෝන් 84/2 )  )

වැලිමඩ මධ්‍ය මහ විද්‍යාලය  පන්දුවාර  23.3 කදී සියලු දෙනා දැවී ලකුණු 132

( විහඟ සල්ගඩු 40, කවීෂ දේශප්‍රිය 31, සුපුන් සෙනෙවිරත්න 55/4, සවිත් රත්නායක 20/3 , ගයාන් අල්විස් 22/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.