මෙම මස අවසානයේදී දකුණු කොරියාවේදී ආරම්භ වීමට නියමිත ‘ ආසියානු රග්බි සෙවන්ස් ‘ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක දයාන් පත්කර තිබේ.
දනුෂ්කා වසර පහකට ආසන්න කාලයක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර පුහුණුකරුවන්ගේ ඒකකයේ ප්‍රධානියා වන නවසීලන්තයේ මැට් ලී සමඟ පුහුණුව ලබන ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි.
ඉහළ පෙළේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සිටින මහනුවර කණ්ඩායමේ ඔහුට කිසි විටෙක ස්ථිර ස්ථානයක් හිමි නොවීය. කෙසේ නමුත් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ මස 19 වැනිදා නම් කිරීමට නියමිතය.
Be the first to comment